සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇප ලබා සිටි සැකකරුවන් පිරිසකට නිදහස

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සහයෝගය දැක්වූ බවට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු (පිරිමි දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්) නිදහස් කරන ලෙස

මිතුරන් සමග බෙදාගන්න

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සහයෝගය දැක්වූ බවට අත්අඩංගුවට ගෙන පසුව ඇප මත සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු (පිරිමි දස දෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක්) නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළා.

මෙම සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කළ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඔවුන්ට අදාළ පරීක්ෂණ අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර තිබුණා. නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුව අවසන් කිරීමට කටයුතු කරන බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව, අදාළ සැකකරුවන් නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී පොලිසිය භාරයට ගත් ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ නැවත ඔවුන් වෙත ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා. ඒ අනුව, එම භාණ්ඩ සැකකරුවන් වෙත මුදාහරින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්