සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

පැරණි සිම් කාඩ්පත් (SIM) සඳහා අලුත් නීති

ශ්‍රී ලංකාව තුළ භාවිත වන සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි වඩාත් විධිමත් කරමින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඩිජිටල්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාව තුළ භාවිත වන සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ රෙගුලාසි වඩාත් විධිමත් කරමින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අනුව, ඉදිරියේදී නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දීමට නියමිතය

දැනට ක්‍රියාත්මක 2019 අංක 01 දරන රෙගුලාසි අදාළ වූයේ 2019 අගෝස්තු 02 දිනෙන් පසුව නිකුත් කළ සිම් කාඩ්පත් සඳහා පමණි. මෙහිදී හඳුනාගත් ප්‍රධාන ගැටලු කිහිපයක් පදනම් කරගෙන මෙම නව සංශෝධන ගෙන එනු ලබයි:

2019 අගෝස්තු 02 දිනට පෙර ලබාගත් සිම් කාඩ්පත් හිමි ඇතැම් ග්‍රාහකයින්ගේ තොරතුරු දුරකථන සමාගම් සතුව නිසි පරිදි නොමැත. මෙය අපරාධ විමර්ශන කටයුතුවලදී දැඩි බාධාවක් වී ඇති බැවින්, එම පැරණි සිම්පත් නැවත ලියාපදිංචි කිරීම අනිවාර්ය වනු ඇත.

වයස අවුරුදු 16 සහ 17 අතර පසුවන ග්‍රාහකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට සහ විදේශිකයින්ට සිම් කාඩ්පත් නිකුත් කිරීමේදී අනුගමනය කළ යුතු නව නීතිරීති හඳුන්වා දීම.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ නීති විමර්ශන කටයුතු පහසු කිරීම සඳහා සියලුම සිම් කාඩ්පත්වල හිමිකාරිත්වය නිවැරදිව තහවුරු කර ගැනීම මෙම සංශෝධනවල මූලික අරමුණයි.

ඒ අනුව, 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත යටතේ ප්‍රකාශයට පත් කර ඇති පැරණි රෙගුලාසි අවලංගු කර, කාලීන අවශ්‍යතා සපුරාලන නව රෙගුලාසි මාලාවක් ළඟදීම බලාත්මක වනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්