සිරස්තල
“ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ශ්‍රී ලංකාවට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් “බීමතින් රිය පැදවීම – රු. ලක්ෂ 5ක් දඩ හෝ වසර 2ක සිර දඬුවම්”: සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි නෙත්මි අහිංසාගෙන් ඓතිහාසික පදක්කමක් සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක් ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

පොලිස් සේවා ගාස්තු ඉහළ දමයි

පොලිසිය විසින් මහජනතාවට සපයන සේවාවන් සඳහා අය කරන ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් මගින්

මිතුරන් සමග බෙදාගන්න

පොලිසිය විසින් මහජනතාවට සපයන සේවාවන් සඳහා අය කරන ගාස්තු ඉහළ නැංවීමට පියවර ගෙන ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛයක් මගින් මෙම වෙනස්කම් සිදුකර තිබේ. මීට පෙර ක්‍රියාත්මක වූ 2023 ජූනි 02 දිනැති චක්‍රලේඛය මේ අනුව අවලංගු වේ.

නව ගාස්තු සංශෝධනවලට අනුව, ශබ්ද විකාශන බලපත්‍රයක දිනක ගාස්තුව රුපියල් 300 සිට රුපියල් 2000 දක්වා වැඩි කර ඇත. පාසල් ප්‍රදර්ශන සඳහා පොලිස් සුනඛයන් ලබා දීමේ ගාස්තුව පැය එකහමාරකට රුපියල් 3000 සිට රුපියල් 20000 දක්වා ඉහළ නංවා ඇති අතර, දුර සීමාව සහ ගාස්තු අය කිරීම හෝ නොකිරීම පශු වෛද්‍ය නිර්දේශය සහ පොලිස්පතිගේ අනුමැතිය මත තීරණය කෙරේ.

එමෙන්ම, අශ්වයෙකුගේ සේවය පැය එකහමාරකට ලබා ගැනීම සඳහා අය කළ රුපියල් 6000ක ගාස්තුව රුපියල් 30000 දක්වා වැඩි කර ඇත. ආසන්නම පොලිස් ස්ථානයට වාහනයක් ඇදගෙන යාමේ ගාස්තුව රුපියල් 600 සිට රුපියල් 5000 දක්වා ඉහළ දමා තිබේ.

එක් ඇඟිලි සටහන් වාර්තාවක් සඳහා අය කළ ගාස්තුව රුපියල් 150 සිට රුපියල් 500 දක්වා ද, කිමිදුම් උපකරණ සඳහා ගාස්තුව රුපියල් 2400 සිට රුපියල් 4000 දක්වා ද, ජීවිතාරක්ෂක සහ කොස්වේන් උපකරණ සඳහා ගාස්තුව රුපියල් 1200 සිට රුපියල් 5000 දක්වා ද වැඩි කර ඇත.

මීට අමතරව, මින් පෙර නොමිලේ ලබාදුන් පොලිස් වාර්තා සඳහා දේශීය අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 300ක ගාස්තුවක් අය කිරීමට නියම කර ඇත.

තවද, පොලිස් වාහන සහ යාත්‍රා පෞද්ගලික භාවිතය සඳහා ලබා දීමේදී සිදුවිය හැකි හානි සඳහා රක්ෂණයක් ලබා ගැනීමට අදාළ පාර්ශ්වයන්ට නියම කළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්