සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය

බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (ජූනි 25) බස් සංගම් වෙත දැනුම්දී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ප්‍රවාහන

මිතුරන් සමග බෙදාගන්න

බස් ගාස්තු සියයට 2කින් අඩු කිරීමට පියවර ගන්නා බව රජය විසින් අද (ජූනි 25) බස් සංගම් වෙත දැනුම්දී තිබෙනවා. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන් සහ බස් සංගම් අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

ජූලි 01 වනදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදු වුණා.

කෙසේවෙතත්, රජයේ යෝජනාවට බස් සංගම් සිය අකමැත්ත පළකර ඇති බව සඳහන්.

යම් ලෙසකින් බස් ගාස්තුව 2%කින් අඩු කළහොත්, පළමු සහ දෙවන ගාස්තු කලාපවල (minimum fare) කිසිදු සංශෝධනයක් සිදු නොවනු ඇති අතර, ඉන් ඉදිරියට පවතින ගාස්තු කලාපවල පමණක් සංශෝධනයක් සිදුවනු ඇතැයි වාර්තා වේ.

බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් රජය සහ බස් සංගම් අතර අවසන් තීරණයක් ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඉදිරියේදී දැනගැනීමට හැකිවනු ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්