සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ අවදානමක

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් එහි ජනන යන්ත්‍රවලට බරපතළ හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය

මිතුරන් සමග බෙදාගන්න

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් එහි ජනන යන්ත්‍රවලට බරපතළ හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා අනතුරු අඟවයි. දැනට බලාගාරය තුළ පැරණි ගල්අඟුරු තොග පවතින බැවින් දකුණු අප්‍රිකාවෙන් ගෙනා මෙම නව ගල්අඟුරු දිනකට පැය කිහිපයක් පමණක් මිශ්‍ර කර භාවිත කරන බවත්, එළඹෙන මාර්තු මස 01 වනදා සිට බලාගාරය පූර්ණ වශයෙන් මෙම නව ගල්අඟුරු මත යැපීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.

බලාගාර ඉංජිනේරුවන් පවා මෙම තත්ත්වය පිළිබඳව දැඩි බියකින් පසුවන බව පවසන ආචාර්ය රළපනාව මහතා, බාල ගල්අඟුරු පැය 24 පුරා දහනය කිරීමේදී යන්ත්‍රවලට සිදුවන හානිය තක්සේරු කළ නොහැකි බව අවධාරණය කරයි. විශේෂයෙන්ම වර්ෂාව අඩු මෙම කාලසීමාව තුළ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වුවහොත් එය සමස්ත ජාතික විදුලි පද්ධතියටම එල්ල වන මරු පහරක් වනු ඇති බව ඔහුගේ මතයයි.

පවතින තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, විදුලි ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය බිඳ වැටී පිරිවැය ඉහළ යාම හරහා ජනතාවට දැරිය නොහැකි ලෙස විදුලි බිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අනාවැකි පළ කරයි. මේ සම්බන්ධයෙන් වහාම ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කර විද්‍යාත්මක සහ නිවැරදි ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙස ඔහු රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්