සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

බැංකොක් සිට හොර රහසේ රැගෙන ආ ලක්ෂ 6ක විසිතුරු පැළ තොගයක් කටුනායකදී රේගු දැලට!

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී

මිතුරන් සමග බෙදාගන්න

තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු අද (10) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු අද අලුයම 12.35ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 (TG-307) දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබුණි.

සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු 03ක් පරීක්ෂා කිරීමේදී, රේගු නිලධාරීන් විසින් රහසිගතව සඟවා තිබූ විසිතුරු මල් පැළ 386ක් සොයාගෙන ඇත. එම පැළ අතර බහුලව දක්නට ලැබෙන වර්ග කිහිපයක් මෙසේය:

  • ප්‍රිලෝඩෙන්ඩ්‍රම් (Philodendron)

  • ඇග්ලෝනිමා (Aglaonema)

  • ඇලොකේශියා (Alocasia)

  • මොන්ස්ටෙරා (Monstera)

රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදු කර ඇත.

ශාක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සිදුකරන මෙවැනි නීතිවිරෝධී ආනයනයන් හරහා දේශීය පරිසර පද්ධතියට හානිකර පළිබෝධකයන් ඇතුළු විය හැකි බැවින්, මේ සම්බන්ධයෙන් රේගු නිලධාරීන් වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්