සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

බුදු තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පොහොය අදයි

බෞද්ධ ලෝකයට අතිශයින්ම වැදගත් දිනයක් වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (12). අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි

මිතුරන් සමග බෙදාගන්න

බෞද්ධ ලෝකයට අතිශයින්ම වැදගත් දිනයක් වන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (12).

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය සිදු වූයේ අද වැනි පෝය දිනයකයි.

බොහෝ ශාසනික වැදගත්කම්වලින් පිරිපුන් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකිකයන් මෙන්ම ලොව පුරා සිටින බෞද්ධ ජනතාව ආමිස පූජාවන්ට සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබනවා.

මේ අතර, ත්‍රිවිධ රත්නය කෙරෙහි විශ්වාසය තබා වෙසක් දිනය අර්ථවත් ලෙස සැමරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළා.

ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය දෙමින් උසස් අන්දමින් වෙසක් උත්සවය සැමරීමට පියවර ගත යුතු බව මල්වතු පාර්ශ්වයේ මහාලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් සඳහන් කළා.

වෙසක් සමය තුළ ලක්වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය දෙමින් බුදුන් වහන්සේ පෙන්වා දුන් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහානායක පූජ්‍ය මකුලෑවේ විමල හිමියන් පෙන්වා දුන්නා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්