බොරැල්ල වෙඩිතැබීමකින් 23 හැවිරිදි තරුණයෙක් මරුට; 5කට තුවාල

බොරැල්ල, සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක්

මිතුරන් සමග බෙදාගන්න

බොරැල්ල, සහස්පුර සිරිසරඋයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ඊයේ (07) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

ඊයේ රාත්‍රී 8.40ට පමණ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ගිනි අවියක් භාවිත කර මෙම වෙඩිතැබීම සිදුකර පලාගිය බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්