සිරස්තල
ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි

මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන මෙහෙයුම් වේගවත් වෙයි

දිවයින පුරා පොලිසිය ක්‍රියාත්මක කරන විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී ගතවූ දිනය තුළ පමණක් පුද්ගලයින් 549 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම් අතරතුර

මිතුරන් සමග බෙදාගන්න

දිවයින පුරා පොලිසිය ක්‍රියාත්මක කරන විශේෂ අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී ගතවූ දිනය තුළ පමණක් පුද්ගලයින් 549 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම් අතරතුර පුද්ගලයින් 29,608 දෙනෙකු දැඩි පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ අපරාධවලට සෘජුවම සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන් 26 දෙනෙකු ද ඒ අතර වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙම විශේෂ සෝදිසි කිරීම්වලදී අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබූ පුද්ගලයින් 519 දෙනෙකු කොටු කර ගැනීමට පොලිසිය සමත්ව ඇත. මීට අමතරව, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සිදුකළ පරීක්ෂාවලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 309 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ද පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, එහිදී පුද්ගලයින් 4,392 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම අපරික්ෂාකාරී ලෙස රිය පදවා අන් අයගේ ජීවිත අවදානමට ලක් කළ පුද්ගලයින් 44 දෙනෙකු ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ. මහජන ආරක්ෂාව වෙනුවෙන් මෙම මෙහෙයුම් ඉදිරි දිනවලදී ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්