සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

2022 මැයි 09 වනදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු

මිතුරන් සමග බෙදාගන්න

2022 මැයි 09 වනදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ අද පෙරවරුවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම දීර්ඝ නඩු විභාගය මෙහෙයවනු ලැබීය.

මුලින් මෙම නඩුවේ තීන්දුව ජනවාරි 14 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, එදින කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල තීන්දුව ප්‍රකාශ කිරීම අද (පෙබරවාරි 11) දක්වා කල් තැබීමට පියවර ගත්තේය.

2022 මැයි 09 වන දින, දිවයින පුරා පැවති අරගලකාරී උණුසුම් වාතාවරණය මධ්‍යයේ නිට්ටඹුව නගරයේදී මෙම ඝාතනය සිදුවිය.

නිට්ටඹුව හරහා ගමන් කරමින් සිටි මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ප්‍රකෝපකාරී පිරිසකගේ වටලෑමට ලක්වූ අතර පසුව එල්ල වූ දරුණු ප්‍රහාර හමුවේ ඔවුන් ජීවිතක්ෂයට පත් විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණි.

දීර්ඝ කාලයක් පුරා විභාග වූ මෙම නඩුව, මෙරට දේශපාලන සහ අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී අවධානයක් දිනාගත් නඩුකරයක් ලෙස සැලකේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්