සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

මන්නාරම් මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා දැලට

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදා මුර සංචාරයක් අතරතුර සැකකටයුතු

මිතුරන් සමග බෙදාගන්න

මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා මුර සංචාරයක් අතරතුර සැකකටයුතු ලෙස ධාවනය වූ මෙම ඩිංගි යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු පාර්සල් පිරවූ උර දෙකක් සොයා ගැනීමට හැකි වී ඇත.

යාත්‍රාවේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඩිංගි යාත්‍රාව මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව තහවුරු කරයි.

ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ බර සහ එහි වටිනාකම ගණනය කිරීමට නියමිතය. සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්