සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

මර්වින් සිල්වා ඇතුළු 4ක් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය. එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත්

මිතුරන් සමග බෙදාගන්න

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු ද අප්‍රේල් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගියදා පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේදී මර්වින් සිල්වා අත්අඩංගුවට ගත්තේය.

මේ වනවිට සැඟවී සිටින ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා යන අය අත්අඩංගුවට ගැනීම සඳහා මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්