සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

මහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි ආශ්‍රිතව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් සහ

මිතුරන් සමග බෙදාගන්න

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණි ආශ්‍රිතව ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් සහ මාර්ග භාවිතා කරන්නන්ගෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

මහ ඔය ද්‍රෝණියේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින්, ඉදිරි පැය 36ක කාලය තුළ සැලකිය යුතු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත.

බලපෑමට ලක්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස:

  • අලව්ව
  • දිවුලපිටිය
  • මීරිගම
  • පන්නල
  • වෙන්නප්පුව
  • මීගමුව
  • කටාන
  • දංකොටුව

මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ අවධානය අත්‍යවශ්‍ය වේ.

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ප්‍රදේශවලටද වැසි ලැබීම හේතුවෙන් ජල මට්ටම ගංවතුර තත්ත්වයට ආසන්න වෙමින් පවතී.

දැදුරු ඔය ජලාශයේ දැනටමත් පිටවාන් දොරටු විවෘත කර ඇති අතර, දැනට තත්ත්පරයට ඝන අඩි 16,250ක පමණ වේගයකින් ජලය දැදුරු ඔයට මුදා හරිමින් පවතී. ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනුව මෙම මුදාහැරීමේ ප්‍රමාණය ඉදිරියේදී වැඩි විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

බලපෑමට ලක්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස:

  • වාරියපොල
  • නිකවැරටිය
  • මහව
  • කොබෙයිගනේ
  • බිංගිරිය
  • පල්ලම
  • හලාවත
  • ආරච්චිකට්ටුව
  • රස්නායකපුර

මෙම ප්‍රදේශවල දැදුරු ඔය ආශ්‍රිත පහත් නිම්නයන්හි පදිංචිකරුවන් නිරන්තර අවධානයෙන් සිටින ලෙසත්, අදාළ මාර්ග භාවිතා කරන්නන් ප්‍රවේශම් වන ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැඩිව ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්