සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මානසික රෝග සුව වූ කාන්තාවන් 300ක් වසර ගණනක් රෝහලේ

මානසික රෝග ප්‍රතිකාර ලබා සුව වුවත් ඥාතීන් විසින් නිවාසවලට රැගෙන නොගිය කාන්තාවන් 300 ක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ මුල්ලේරියා අතරමැදි නිවාසවල රැඳී සිටින

මිතුරන් සමග බෙදාගන්න

මානසික රෝග ප්‍රතිකාර ලබා සුව වුවත් ඥාතීන් විසින් නිවාසවලට රැගෙන නොගිය කාන්තාවන් 300 ක් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට අනුබද්ධ මුල්ලේරියා අතරමැදි නිවාසවල රැඳී සිටින බව වාර්තාවේ.

මෙම කාන්තාවන් මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා සුව වී සිටිය ද වසර ගණනාවකින් ඔවුන් බැලීම සඳහා කිසිදු ඥාතියකු පැමිණ නොමැති බව බලධාරීහු සඳහන් කරති.

මෙම පිරිස් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීමට විශාල මුදලක් වැයකිරීමට මානසික සෞඛ්‍ය විද්‍යායතනයට සිදුව තිබේ.

එසේම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය තුළ ද කිසිදු ඥාතියකු නොමැති පුද්ගලයෝ අනූ දෙනකු (90) පමණ රැඳී සිටිති. මෙම පුද්ගලයන් රඳවා තබා ගැනීමට රෝහල් භූමියේ ගොඩනැගිලිවල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවද රෝහල් බලධාරීහු පෙන්වා දෙති. දැනට මෙම භුමිය තුළ ස්ථාපිත ගොඩනැගිලි ජරාජීර්ණව පවතින අතර ඒවායෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම මන්දගාමී තත්ත්වයක පවතියි.

එසේම මෙම ඥාතීන් නොමැති පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, සහ ඇඳුම් පැලඳුම්වල හිඟයක් ද පවතියි. එම නිසා මෙම පුද්ගලයන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් ලබාදීමට කැමැති අය වෙතොත් රෝහලට පැමිණ ඒවා ලබාදීමට හැකියාව පවතින බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම ප්‍රකාශ කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්