සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි

මාරවිල, මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, එම මළ

මිතුරන් සමග බෙදාගන්න

මාරවිල, මූදු කටුව වෙරළ තීරයට මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මාරවිල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, එම මළ සිරුරේ හිස, අත් සහ කකුල් නොතිබූ අතර, නිල් පැහැති කොට කලිසමක් සහිත ශරීරයේ ඉතිරි කොටස පමණක් තිබූ බවයි.

මෙම මළ සිරුර පිරිමි පුද්ගලයෙකුගේ විය හැකි බවට පොලීසිය සැක පළ කරනවා. මාරවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මූලික පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර, මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්