සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

මාලනී ෆොන්සේකා නිළි රැජිණට අද අවසන් ගෞරව

“හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස සැමගේ ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මැයි 26) සිදු කිරීමට නියමිතයි.

මිතුරන් සමග බෙදාගන්න

“හෙළ සිනමාවේ නිළි රැජිණ” ලෙස සැමගේ ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (මැයි 26) සිදු කිරීමට නියමිතයි.

මේ වන විට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති දේහය, අද පෙරවරු 8.00ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

අනතුරුව, පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලද කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය, බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකර ඇති විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතයි. එහිදී බෞද්ධ ආගමික වතාවත්, පැවිදි අනුශාසනා සහ ඇයගේ සිනමා දිවිය පිළිබඳ කලාකරුවන් විසින් සිදුකරනු ලබන විශේෂ ඇගයීමක් පැවැත්වීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්