සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

මිත්තණිය සමඟ වැවේ දිය නෑමට ගිය 9 හැවිරිදි දැරියක් කිඹුලෙකුට බිලිවෙයි

අනුරාධපුර, මරදන්කඩවල ප්‍රදේශයේ හිනුක්කිරියාව වැවේ දිය නෑමට ගිය කුඩා දැරියක් ඊයේ (19) දහවල් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මරදන්කඩවල පොලීසිය පවසන්නේ ගනේවල්පොල

මිතුරන් සමග බෙදාගන්න

අනුරාධපුර, මරදන්කඩවල ප්‍රදේශයේ හිනුක්කිරියාව වැවේ දිය නෑමට ගිය කුඩා දැරියක් ඊයේ (19) දහවල් කිඹුලෙකුගේ ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මරදන්කඩවල පොලීසිය පවසන්නේ ගනේවල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි 9 හැවිරිදි වියේ පසු වූ දැරියක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි.

මෙම සෝචනීය අනතුර සිදුව ඇත්තේ දැරිය සිය මිත්තණිය සමඟ වැවේ දිය නාමින් සිටි අවස්ථාවේදීය. එක්වරම පැමිණි කිඹුලෙකු දැරිය ඩැහැගෙන වැව දෙසට ඇදගෙන ගොස් ඇති අතර, ඒ සමඟම ප්‍රදේශවාසීන්, පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව දැරිය සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පිරිස වැවට බැස දැරිය සෙවීමේදී, එල්ල වූ බාධා හමුවේ කිඹුලා දැරිය අතහැර දමා පලා ගොස් තිබේ. වහාම ක්‍රියාත්මක වූ පිරිස දැරිය වැවෙන් ගොඩගෙන මරදන්කඩවල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ වැව් ආශ්‍රිතව වෙසෙන ජනතාව දැඩි බියට පත්ව සිටින අතර, කිඹුල් තර්ජන පවතින ස්ථාන පිළිබඳව වැඩි අවධානයකින් පසුවන ලෙස වනජීවී නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්