සිරස්තල
අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක් මන්නාරමේදී ධීවර යාත්‍රා දෙකක් ගැටෙයි මැදපෙරදිග ගැටුම් ගෝලීය ආර්ථිකයට ප්‍රබල තර්ජනයක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි: ප්‍රදේශ 5කට හිරු මුදුන් වෙයි ඊශ්‍රායල අගමැතිගෙන් හදිසි නියෝගයක්: ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා ඇරඹීමට සූදානම් හෝමාගම සරසවි සාදයක් ලේ විලක් වෙයි ඊශ්‍රායලයෙන් ලෙබනනයට මාරක ප්‍රහාරයක් නේටෝවෙන් ඉවත් වීමේ සූදානමක්? ට්‍රම්ප් සහ නේටෝ ප්‍රධානී හමුව උණුසුම් වෙයි

මින්නේරියේදී බස් රථ දෙකක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අද සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය වාර්තා කරන පරිදි, ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය

මිතුරන් සමග බෙදාගන්න

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී අද සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය වාර්තා කරන පරිදි, ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්, තවත් බස් රථයක සහ ගොයම් කපන යන්ත්‍රයක් පටවාගෙන ගිය ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මෙම ගැටීමෙන් වාහන තුනටම දැඩි හානි සිදුවී ඇති බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූවන් අතර බස් රථවල ගමන් ගත් මගීන් හත් දෙනෙකු ද වන අතර, ඔවුන් වහාම හබරණ සහ පොළොන්නරුව රෝහල් වෙත ඇතුළත් කර තිබේ. තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහල වෙත මාරු කර යැවූ බව ද පොලිසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මාර්ගයේ පවතින අධික වාහන තදබදය පාලනය කිරීමට ද පියවර ගෙන ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්