සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ඊයේ (ජූනි 16) රාත්‍රියේ වාර්තා වුණා. ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතෙක් ජයග්‍රහණය කළ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ඊයේ (ජූනි 16) රාත්‍රියේ වාර්තා වුණා.

ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියේ 2210 වන දිනුම් වාරය සඳහා හිමිව තිබූ සුපිරි ත්‍යාගය වන රුපියල් 474,599,422 (හතළිස් හත් කෝටි හතළිස් පන්දහස් අනූනවදහස් හාරසීය විසි දෙකක්) මෙලෙස වාසනාවන්තයෙකුට හිමි වී තිබෙනවා.

මෙම ජයග්‍රාහී ලොතරැයි පත ජාතික ලොතරැයි මණ්ඩලයේ ගොකරැල්ල ප්‍රදේශයේ අලෙවි නියෝජිතවරිය වන එච්.ඒ. ජානකී හේමමාලා මහත්මිය විසින් අලෙවි කර තිබීමද සුවිශේෂී කරුණක්.

මෙරට ලොතරැයි ඉතිහාසයේ මීට පෙර ජයග්‍රහණය කර තිබූ දැවැන්තම ත්‍යාග මුදල වූයේ රුපියල් කෝටි 23ක මුදලකි. එම ත්‍යාග මුදලද හිමිකර දුන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ‘මෙගා පවර්’ ලොතරැයියෙන් වීම මෙහි තවත් විශේෂත්වයකි.

මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාවේ ලොතරැයි ක්ෂේත්‍රය තුළ නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්