සිරස්තල
ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක් දුර ගමන් බස් රථවලට අනිවාර්ය තත්ත්ව පරීක්ෂණයක්

මෝදිගේ ලංකා ගමන නිසා වරින් වර වැසෙන මාර්ග

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් ලබන 04 වැනිදා සිට වරින් වර කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වසා දැමීමට සිදුවන බව පොලිසිය

මිතුරන් සමග බෙදාගන්න

ඉන්දීය අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී   ලංකා සංචාරය නිමිත්තෙන් ලබන 04 වැනිදා සිට  වරින් වර කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වසා දැමීමට සිදුවන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි  බුද්ධික මනතුංග මහතා පැවසුවේ මාර්ගය වසා තැබෙන අවස්ථාවල කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන මගීන් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.

”නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ රථ වාහන සැලැස්මක් මෙන්ම විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව අප්‍රේල් 4 වන දින සවස හයත් රාත්‍රී දහයක් කාලය අතරතුර දී කොළඹ කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගයද වරින් වර වසා දැමීමට සිදුවනවා. එමෙන්ම මෙම කාල සීමාව තුළ කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපල වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසා තැබෙන අවස්ථාවන් පිළිබඳ අවධානය යොමු කරමින් ඔවුන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම් දීමක් සිද්ධ කරනවා.

අප්‍රේල් පස්වන දින ගාලු මුව දොර සහ නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම ආශ්‍රිත ප්‍රදේශයන්හි මාර්ග වරින් වර වසා දැමීමට සිදුවිය හැකියි. පොලිසිය ක්‍රියාත්මක කරන රථ වාහන සැලැස්මට සහාය දක්වන ලෙස සියලු රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.”

වෙනත් පුවත්

උණුසුම් පුවත්