සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

යටියන්තොටදී සංචාරක බස් රථයක් මාරක අනතුරකට ලක්වෙයි

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදී අද (20) සිදු වූ දරුණු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. නුවරඑළිය සිට

මිතුරන් සමග බෙදාගන්න

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ යටියන්තොට, තණකොළවත්ත ප්‍රදේශයේදී අද (20) සිදු වූ දරුණු රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වූ ඉන්දීය සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදිකයින් පිරිසකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ කාන්තාව සිය දරුවන් දෙදෙනා උපකාරක පන්ති වෙත යැවීම සඳහා මාර්ගය අසල රැඳී සිට ඇති බව වාර්තා වේ.

මියගිය තැනැත්තිය 40 හැවිරිදි මවකි. ඇයගේ දියණිය සහ පුත්‍රයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බස් රථය පාලනය කරගත නොහැකිව පෙරළී යාමෙන් එහි ගමන් කරමින් සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලිසිය විසින් පරීක්ෂණ පවත්වන අතර, බස් රථයේ අධික වේගය හෝ කාර්මික දෝෂයක් අනතුරට හේතු වූයේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්