සිරස්තල
බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන් ගිනි අවියක් සමඟ හිටපු LTTE සාමාජිකයෙක් කිරිබත්ගොඩදී අත්අඩංගුවට

යුදමය තත්ත්වය හේතුවෙන් කටාර් ගුවන් කලාපය තාවකාලිකව වසාදමයි

කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ

මිතුරන් සමග බෙදාගන්න

කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපයේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව, කටාර් හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පියාසර කිරීමට නියමිත සියලු ගුවන් යානා ඒ ආසන්න වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යවනු ඇති.

ඇමෙරිකානු කඳවුරට තර්ජනයක්
මේ අතර, කටාර්හි පිහිටා ඇති මැදපෙරදිග විශාලතම ඇමෙරිකානු හමුදා කඳවුර වන අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරාන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පුරවැසියන්ට අනතුරු ඇඟවීම්
කටාර්හි සිටින ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය පුරවැසියන්ට දැනුම් දීමක් සිදුකර ඇති අතර, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම ස්ථානවලම රැඳී සිටින ලෙසයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්