සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

යෝගට් සහ දියර කිරි සඳහා වැට් බද්ද ඉවත් කෙරේ

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක්

මිතුරන් සමග බෙදාගන්න

දේශීයව නිෂ්පාදනය කරන දියර කිරි සහ යෝගට් සඳහා එකතු කළ අගය මත බද්ද (වැට්) ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දෙයි.

මෙම බදු සහනය සඳහා නිෂ්පාදිත දියර කිරි සහ යෝගට්වල අවම වශයෙන් 50% ක් නැවුම් කිරි අඩංගු විය යුතු බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

මෙම වෙනස සිදු වන්නේ, එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අප්‍රේල් 11 වන දින මෙම පනතට අනුමැතිය ලබා දුන් අතර, එදින සිට එය බලාත්මක වේ.

විදුලි උත්පාදනය සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සපයන නැප්තා සඳහා වන වැට් බද්ද ද ඉවත් කර ඇත.

විදේශීය පුද්ගලයින් විසින් විද්‍යුත් වේදිකා හරහා ශ්‍රී ලංකාවේ පුද්ගලයින්ට සපයනු ලබන සේවාවන් සඳහා ඔක්තෝබර් 01 වන දින සිට වැට් බද්දක් අය කිරීමට ද රජය තීරණය කර ඇත.

වාණිජ කටයුතු සඳහා භාණ්ඩ ආනයනය හෝ අපනයනය කරන සියලුම පුද්ගලයින් එකතු කළ අගය මත බදු සංශෝධන පනත යටතේ ලියාපදිංචි වීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්