සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

රුපියල් කෝටි 16ක ‘කුෂ්’ සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් කටුනායකදී දැලේ

තායිලන්තයේ සිට රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී

මිතුරන් සමග බෙදාගන්න

තායිලන්තයේ සිට රුපියල් කෝටි 16කට අධික වටිනාකමින් යුත් ‘කුෂ්’ (Kush) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (15) රාත්‍රී 07.00ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-654 දරන යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේදී මොවුන් පරීක්ෂාවට ලක් කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් පිළිබඳ තොරතුරු මෙසේය,

28 සහ 33 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් සහ 35 හැවිරිදි කාන්තාවක්. කොළඹ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් අතරින් එක් අයෙකු සම්භාහන ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇත.

පොලිස් නිලධාරීන් විසින් සැකකරුවන් සතු ගමන් මලු පරීක්ෂා කිරීමේදී, එක් මල්ලක ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ මත්ද්‍රව්‍ය පැකට් 60ක් සොයා ගැනීමට හැකි විය.

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 16යි ග්‍රෑම් 400ක්.

රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට (කෝටි 16) අධික බව ගණන් බලා ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිලදී ගෙන ඩුබායි හරහා මෙරටට ගෙන එනු ලැබූවකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (පෙබරවාරි 16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන් පිටුපස සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් කවුරුන්ද යන්න පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්