සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින්

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක තිබී රුපියල් බිලියන 10කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සහ නවීන ගිනිඅවි තොගයක් සොයාගෙන තිබේ. අදාළ යාත්‍රාව ඊයේ (12) පෙරවරුවේ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් පසු සිදුකළ සෝදිසි කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.

පොලිසිය සඳහන් කරන පරිදි, මත්ද්‍රව්‍ය උර 48ක් තුළ තිබී සොයාගත් සමස්ත මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 654කි. ඒ අතර කිලෝග්‍රෑම් 478ක ‘අයිස්’ (Crystal Meth) මත්ද්‍රව්‍ය සහ කිලෝග්‍රෑම් 176ක හෙරොයින් අඩංගු බව තහවුරු කරගෙන තිබේ. මෙය මෑත කාලයේ මුහුදේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයකි.

මෙම මෙහෙයුමේ සුවිශේෂීත්වය වන්නේ මත්ද්‍රව්‍යවලට අමතරව හමුවූ දැවැන්ත ගිනිඅවි තොගයයි. නාවික හමුදා ඉතිහාසයේ මහ මුහුදේදී සිය භාරයට ගත් වැඩිම ගිනිඅවි සංඛ්‍යාව මෙය වන අතර ඊට පහත ආයුධ ඇතුළත් වේ:

  • පිස්තෝල වර්ගයේ ගිනිඅවි 08ක් සහ ඒවාට යොදන මැගසින්

  • T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවි 02ක්

  • M-16 වර්ගයේ නවීන ගිනිඅවියක්

සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාවේ සිටි පුද්ගලයන් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් සමඟ පවතින සබඳතා අනාවරණය කර ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්