සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

ලංගම සේවකයින් වැඩ වර්ජනයක

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් ඒකාබද්ධ බස් කාලසටහනට විරෝධය පළ කරමින් අද (අගෝස්තු 27) මධ්‍යම රාත්‍රී 12:00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. ජනතා විමුක්ති පෙරමුණේ

මිතුරන් සමග බෙදාගන්න

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් ඒකාබද්ධ බස් කාලසටහනට විරෝධය පළ කරමින් අද (අගෝස්තු 27) මධ්‍යම රාත්‍රී 12:00 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.

ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිතිය හැර, ලංගමයේ සෙසු ප්‍රධාන වෘත්තීය සමිති අටෙන් හතක්ම මෙම වැඩවර්ජනය සඳහා සහයෝගය පළ කර තිබෙනවා.

වර්ජනයට එක්වන සියලුම වෘත්තීය සමිති අද නාරාහේන්පිට ලංගම මූලස්ථානය ඉදිරිපිට පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළා. එහිදී ශ්‍රී ලංකා නිදහස් සේවක වෘත්තීය සමිතියේ බන්දුල රත්නායක මහතා ප්‍රකාශ කළේ, ඔවුන් ඒකාබද්ධ කාලසටහනට සම්පූර්ණයෙන්ම විරුද්ධ නොවන නමුත්, මේ අවස්ථාවේ එවැනි ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, “දවස පුරාම දුවන්න නම් බස් 6,500ක් ඕනේ, නමුත් අපිට තියෙන්නේ බස් 4,000ටත් අඩු ප්‍රමාණයක්. ඒ හින්දා අපිට පෞද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න බෑ. ඇමති අපිට සාකච්ඡාවක් දුන්නේ නෑ. ලංගම යන්නේ අමාරුවෙන්, මේ සඳහා නිසි වැඩපිළිවෙලක් හදන තුරු අපි බස් ධාවනයෙන් ඉවත් වෙනවා” යනුවෙන්.

මෙම වැඩවර්ජනය හේතුවෙන් හෙට සිට දිවයින පුරා මගී ප්‍රවාහන සේවාවන්ට බාධා ඇතිවීමට ඉඩ තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්