සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ලුණු ආනයනය ප්‍රමාද වීමෙන් වෙළෙඳපොළේ ලුණු හිඟයක්?

ලුණු ආනයනය පමා වීම නිසා වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති වී තිබෙන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මෙට්‍රික් ටොන්

මිතුරන් සමග බෙදාගන්න

ලුණු ආනයනය පමා වීම නිසා වෙළෙඳපොළේ ලුණු හිඟයක් ඇති වී තිබෙන බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ මෙට්‍රික් ටොන් 30,000ක ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළත් එය ප්‍රමාද වී ඇති බවයි. එම නිසා වෙළෙඳපොළේ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත්, ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමත් සමඟ මේ වන විට පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බවත් ඔහු විශ්වාසය පළ කළා.

මේ අතර, පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරන්නේ වෙළෙඳපොළේ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවයි. වාර්තා වන ආකාරයට කැට ලුණු කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි වන බවත්, ඇතැම් පාරිභෝගිකයින් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කර ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් කළ විමසීමකදී, එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ලුණු මිල සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවයි. ඒ අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්