සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ලොව පුරා SARS-CoV-2 කොවිඩ් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරන්නේ, මෙම වසරේ (2025) පෙබරවාරි මැද භාගයේ සිට ගෝලීය වශයෙන් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන SARS-CoV-2 සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි.

මිතුරන් සමග බෙදාගන්න

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිවේදනය කරන්නේ, මෙම වසරේ (2025) පෙබරවාරි මැද භාගයේ සිට ගෝලීය වශයෙන් නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් වන SARS-CoV-2 සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින බවයි.

මැයි 28 වැනි දින නිකුත් කළ නිවේදනයකින් WHO පෙන්වා දෙන්නේ, 2024 ජූලි මාසයේ සිට සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් 11%ක් ධනාත්මක වී ඇති බවයි. විශේෂයෙන්ම, නැගෙනහිර මධ්‍යධරණී කලාපය, අග්නිදිග ආසියාව සහ බටහිර – පැසිෆික් කලාපයේ රටවල මෙම SARS-CoV-2 ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන බව වාර්තා වේ. මැයි මැද භාගය වන විට ගෝලීය SARS-CoV-2 රෝගීන්ගේ ප්‍රතිශතය 10.7%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, WHO අවධාරණය කරන්නේ මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව තවදුරටත් දැඩි අධීක්ෂණයක් සහ අධ්‍යයනයන් සිදු වන බවයි. සියලුම සාමාජික රටවල්වලට COVID-19 කළමනාකරණය කිරීම සඳහා අවදානම් මත පදනම් වූ, ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කරන ලෙසට WHO දැනටමත් උපදෙස් දී තිබෙනවා. එන්නත්කරණය, විශේෂයෙන්ම අවදානම් කණ්ඩායම් අතර, දරුණු රෝගී තත්ත්වයන් සහ මරණ වැළැක්වීම සඳහා ප්‍රධාන මැදිහත්වීමක් ලෙස සලකනු ලැබේ.

මේ අතර, ඊයේ (මැයි 28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති රැස්වීමකට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා PCR පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව ඉහළ නංවා ඇති බවයි. අදාළ වෛරසය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අනුව, නව කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙසත්, සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්