සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

ලෝක රූ රැජින තරගයේදී අනුදිට සහාය වන්න ඔබට අවස්ථාවක්

මෙවර ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අනුදි ගුණසේකරට සහාය දැක්වීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව, Miss World ජංගම යෙදුම

මිතුරන් සමග බෙදාගන්න

මෙවර ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අනුදි ගුණසේකරට සහාය දැක්වීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ.

ඒ අනුව, Miss World ජංගම යෙදුම හරහා පැවැත්වෙන Multimedia Challenge සහ Peoples’ Choice යන තරග සඳහා ඇයට ඔබේ සහාය ලබා දිය හැකිය. ඇගේ පැතිකඩට ලැබෙන ප්‍රතිචාර (Engagement) මත ඇයට ලකුණු හිමිවන අතර, Miss World Sri Lanka සහ Miss World යන නාලිකා දෙකෙන්ම ඇයට ලකුණු ලැබෙන බැවින් එම නාලිකා දෙකෙන්ම ඇයව ඉදිරියට ගෙන යා යුතු බව වාර්තා වේ.

මේ සඳහා ඔබ Play Store හෝ App Store වෙතින් Miss World App එක බාගත කර ගිණුමක් සෑදිය යුතුය. පසුව, යෙදුමට ඇතුළු වී Countries List යටතේ Sri Lanka තෝරා Miss World Sri Lanka Community වෙත සම්බන්ධ වී Anudi Gunasekara ගේ පැතිකඩ අනුගමනය (Follow) කළ යුතුය.

ඉන්පසු, Miss World Sri Lanka සහ Miss World යන නාලිකා දෙකෙහි අනුදි පළ කරන පෝස්ට්වලට Like සහ Comment කරමින් ඇය සමඟ සම්බන්ධ වන්න.

Miss World Sri Lanka පිටුවට බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියද, Miss World Channel තුළද අනුදිට සහාය ලබා දෙන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම, Miss World තරගාවලියේ Peoples’ Choice වටය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර, යෙදුමේ ප්‍රතිචාර සලකා බලන Multimedia Challenge එකද ළඟදීම පැමිණීමට නියමිතය. මෙම අදියරවලදී අනුදි ජයග්‍රහණය කළහොත් අවසන් 40 දෙනාගේ වටයට පිවිසීමට ඇයට අවස්ථාව ලැබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්