සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

ලෝක රූ රැජින තරගයේදී අනුදිට සහාය වන්න ඔබට අවස්ථාවක්

මෙවර ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අනුදි ගුණසේකරට සහාය දැක්වීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව, Miss World ජංගම යෙදුම

මිතුරන් සමග බෙදාගන්න

මෙවර ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වන අනුදි ගුණසේකරට සහාය දැක්වීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබේ.

ඒ අනුව, Miss World ජංගම යෙදුම හරහා පැවැත්වෙන Multimedia Challenge සහ Peoples’ Choice යන තරග සඳහා ඇයට ඔබේ සහාය ලබා දිය හැකිය. ඇගේ පැතිකඩට ලැබෙන ප්‍රතිචාර (Engagement) මත ඇයට ලකුණු හිමිවන අතර, Miss World Sri Lanka සහ Miss World යන නාලිකා දෙකෙන්ම ඇයට ලකුණු ලැබෙන බැවින් එම නාලිකා දෙකෙන්ම ඇයව ඉදිරියට ගෙන යා යුතු බව වාර්තා වේ.

මේ සඳහා ඔබ Play Store හෝ App Store වෙතින් Miss World App එක බාගත කර ගිණුමක් සෑදිය යුතුය. පසුව, යෙදුමට ඇතුළු වී Countries List යටතේ Sri Lanka තෝරා Miss World Sri Lanka Community වෙත සම්බන්ධ වී Anudi Gunasekara ගේ පැතිකඩ අනුගමනය (Follow) කළ යුතුය.

ඉන්පසු, Miss World Sri Lanka සහ Miss World යන නාලිකා දෙකෙහි අනුදි පළ කරන පෝස්ට්වලට Like සහ Comment කරමින් ඇය සමඟ සම්බන්ධ වන්න.

Miss World Sri Lanka පිටුවට බොහෝ පිරිසක් සම්බන්ධ වී සිටියද, Miss World Channel තුළද අනුදිට සහාය ලබා දෙන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටී.

එසේම, Miss World තරගාවලියේ Peoples’ Choice වටය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර, යෙදුමේ ප්‍රතිචාර සලකා බලන Multimedia Challenge එකද ළඟදීම පැමිණීමට නියමිතය. මෙම අදියරවලදී අනුදි ජයග්‍රහණය කළහොත් අවසන් 40 දෙනාගේ වටයට පිවිසීමට ඇයට අවස්ථාව ලැබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්