සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසගත වෙයි! මෙරට රන් පවුම රු. 314,000 ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත ලෙස ඉහළ යමින් ඇත. රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,950 සීමාව පසු කර ඇති අතර, එය මේ

මිතුරන් සමග බෙදාගන්න

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ ප්‍රථම වතාවට වාර්තාගත ලෙස ඉහළ යමින් ඇත.

රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3,950 සීමාව පසු කර ඇති අතර, එය මේ වන විට ඩොලර් 3,956.53ක් ලෙස සටහන් වේ.

ලෝක වෙළෙඳපොළේ මෙම මිල ඉහළ යෑමට සමගාමීව ශ්‍රී ලංකාවේ රන් මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් සිදුව තිබේ.

අප කොළඹ, හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ:

  • කැරට් 24 රත්‍රං පවුමක මිල පසුගිය සතියේ පැවති රුපියල් 306,000 සිට රුපියල් 314,000 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
  • එමෙන්ම, කැරට් 22 රත්‍රං පවුමක මිලරුපියල් 290,500 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, පසුගිය සතියට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේ රන් මිල රුපියල් 8,000 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය, ලෝක වෙළෙඳපොළේ පවතින ආර්ථික අවිනිශ්චිතතාවයන් සහ ආයෝජන රටා වෙනස් වීම හේතුවෙන් සිදුව ඇති බව විශ්ලේෂකයෝ පවසති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්