සිරස්තල
කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක් ඩෙංගු දැඩි අවදානමක ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා මැදපෙරදිග උණුසුම නිවෙද්දී ලෝක බොරතෙල් මිලත් පහත වැටෙයි ඇමරිකානු ගායක ඔලිවර් ට්‍රී ඇතුළු 6ක් හෙලිකොප්ටර් 2ක් එකිනෙක ගැටි ජීවිතක්ෂයට රෙදිපිළි අලෙවිසැලකින් මළ සිරුරු 2ක් හමුවෙයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඝීග්‍රයෙන් ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්