සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඝීග්‍රයෙන් ඉහළට

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා

මිතුරන් සමග බෙදාගන්න

ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක් මෙතරම් අගයකට ඉහළගිය පළමු අවස්ථාව මෙය ලෙස සැකකෙයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීනය හා අමෙරිකාව අතර උද්ගතවී තිබෙන වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස රන් මිල ඉහළ යමින් තිබෙන බවයි.

රන් සංචිතවලට මුල්තැන දෙමින් ආයෝජකයින් ආරක්ෂිත වත්කම් කරායොමුවීම හේතුවෙන් මෙලෙස රන් මිල ඉහළ යමින් තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිලට සමගාමීව මෙරට රන් මිලෙහිද කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇත.

කොළඹ රන් වෙළෙඳපොළ අද (11) ප්‍රකාශයට පත්කළ රන් මිල අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 235,500ක් ලෙස සටහන් වී ඇත.

එමෙන්ම කැරට් 24 රන් පවුමක් රුපියල් 256, 000ක් දක්වා ඉහළගොස් තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්