සිරස්තල
AliExpress භාණ්ඩ ගෙන්වීම නවත්වලා නැහැ – රේගුවෙන් පැහැදිලි කිරීමක් බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි

වසර 62කට පසු කාන්තාවන් එක්ව සිදුකළ ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරය

පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියේ අභ්‍යාවකාශ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි. ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගමට අයත්

මිතුරන් සමග බෙදාගන්න

පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිරුපද්‍රිතව පෘථිවියට පැමිණියේ අභ්‍යාවකාශ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි.

ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් සමාගමට අයත් රොකට්ටුවක් මගින් අද (14) පෙ.ව. 8.30ට ඔවුන් අභ්‍යවකාශයට පිටත්ව ගියා. ඔවුන් පෘථිවි කර්මන් රේඛාව පසු කර නැවත පෘථිවියට පැමිණියා.

කර්මන් රේඛාව පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100ක් ඉහළින් පිහිටා ඇති අතර එය අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙනවා. සාම්ප්‍රදායික ගුවන් යානාවලට ප්‍රචාලන පද්ධතියක් නොමැතිව එම ස්ථානයට පියාසර කරන්නට නොහැකි වේ.

මෙම අභ්‍යාවකාශ සංචාරයට කේටි පෙරීට අමතරව බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් හා චිත්‍රපට නිෂ්පාදකවරියක්ද එක්ව සිටියා.

වසර 62කට පසු, 1963දී වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ අභ්‍යාවකාශ ගමනෙන් පසුව, කාන්තා කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව මෙයයි.

පොප් ගායිකා පෙරී සිය ඓතිහාසික ගමන නිමා කරමින් පැවසුවේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” කියායි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්