වසර 9කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළට

පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ලෙස ඉහළට පැමිණ තිබෙනවා. ලෝක පාපන්දු

මිතුරන් සමග බෙදාගන්න

පිට පිටම ජාත්‍යන්තර පාපන්දු තරග දෙකක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල සැලකිය යුතු ලෙස ඉහළට පැමිණ තිබෙනවා.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ වන විට 196 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. මෙය, 2016 වසරෙන් පසුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයෙන් ඉහළට පැමිණි පළමු අවස්ථාව ලෙස සනිටුහන් වේ. 2016 වසරේදී ශ්‍රී ලංකාව 195 වැනි ස්ථානයේ පසුවූ අතර, 2017 සිට මේ දක්වා කාලය තුළ 200 වැනි ස්ථානයෙන් පහළ රැඳී සිටීමට සිදුව තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑතක සිට සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කිරීමට සමත්ව තිබේ. විශේෂයෙන්, චීන තායිපේ කණ්ඩායම 3-1ක් ලෙස පරාජය කිරීම මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.

මෙම ප්‍රගතිය මගින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව නව බලාපොරොත්තු ඇති කර තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්