සිරස්තල
පාසල් සිසුන්ට විදේශීය දුම්වැටි විකුණූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ඇල්ල බස් අනතුරේදී නිර්භීත මෙහෙයුමක නිරත වූ සෙබළාට යුද හමුදාවෙන් උසස්වීමක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ඇරඹේ තරගයක් අවසානයේ ප්‍රතිවාදීන්ට අතට අත දීමට නීතියක් නැහැ (BCCI) නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කරයි මගුල් ගමනක් වෙනුවට මරණය: කටුනායක බලා ගිය වෑන් රථයක් අනතුරට දරුණු ගින්නකින් පැල්පත් නිවාස දහසකට වැඩි ප්‍රමාණයක් විනාශ වෙයි ආක්‍රමණශීලී විසිතුරු මත්ස්‍ය විශේෂ 4ක් තහනම් කෙරේ ඊයේ දිනයේ ඉන්දු-පාක් තරගයෙන් පසු මතභේදාත්මක තත්ත්වයක් මාරවිල වෙරළට අත් පා නොමැති මළ සිරුරක් ගොඩ ගසයි විස්සයි විස්ස ඉන්දු-පාක් සටනට ඩුබායි හි දැඩි ආරක්ෂාවක්

ව්‍යාජ ආරාධනා පත්‍රයක් ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන “සිරි දළදා වන්දනාව” සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙසට ආරාධනා කරන පත්‍රිකාවක් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය

මිතුරන් සමග බෙදාගන්න

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන “සිරි දළදා වන්දනාව” සමාරම්භක උත්සවයට සහභාගී වන ලෙසට ආරාධනා කරන පත්‍රිකාවක් ව්‍යාජ ලෙස සකස් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් මෙම ව්‍යාජ ආරාධනා පත්‍රය නිර්මාණය කර ඇති අතර, එහි සඳහන් වන්නේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණ “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙසයි.

ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරන්නේ “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් නිකුත් කර නොමැති බවයි.

තවද, මෙම ව්‍යාජ ලියවිල්ල පදනම් කරගෙන සිරි දළදා වන්දනාව සඳහා විශේෂ (VIP) පෝලිමක් සකස් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත් ද සත්‍ය නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්