සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

වැසි තත්ත්වය පහව යයි

දිවයින පුරා පසුගිය දිනවල පැවැති වැසි සහිත කාලගුණයේ පැහැදිලි අඩුවීමක් අද (23) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නිරිතදිග බෙංගාල බොක්ක

මිතුරන් සමග බෙදාගන්න

දිවයින පුරා පසුගිය දිනවල පැවැති වැසි සහිත කාලගුණයේ පැහැදිලි අඩුවීමක් අද (23) සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවැති අඩු පීඩන කලාපය ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කිරීම මීට ප්‍රධාන හේතුව වී තිබේ.

කාලගුණ තත්ත්වය යහපත් වෙමින් පැවතියද, ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි අපේක්ෂා කෙරේ,

උතුරු, උතුරු-මැද, වයඹ පළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සදහා වැසි වාර කිහිපයක ද,

සන්ධ්‍යා කාලයේ දි ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම, සබරගමුව, ඌව පළාත් මෙන්ම අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අවස්ථාවලදී ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

වෙනත් පුවත්

උණුසුම් පුවත්