සිරස්තල
හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී රුපියල් බිලියන 3ක හෙරොයින් සමඟ බහුදින යාත්‍රාවක් දික්ඕවිටට, බේරුවලදී තවත් වැටලීමක් රුපියල් බිලියන 10ක දැවැන්ත මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි තොගයක් නාවික හමුදා භාරයට අමෙරිකානු ඉන්ධන පිරවුම් යානයක් ඉරාකයේදී කඩාවැටෙයි, ප්‍රහාරයේ වගකීම සන්නද්ධ කණ්ඩායමක් භාර ගනී නව තානාපතිවරුන් 10කට පාර්ලිමේන්තු අනුමැතිය: ප්‍රධාන රටවල් රැසක රාජ්‍යතාන්ත්‍රික වගකීම් අලුත් වෙයි නිල් මහා සටනේ 147 වැනි අභියෝගය අද ඇරඹෙයි සාමය සඳහා ඉරානයෙන් කොන්දේසි 03ක්

විදුලි ගාස්තු ඉහළ යාම ස්වභාවිකයි – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

විදුලිය ඇතුළු ඕනෑම භාණ්ඩයක පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල වෙනස් වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා

මිතුරන් සමග බෙදාගන්න

විදුලිය ඇතුළු ඕනෑම භාණ්ඩයක පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල වෙනස් වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු විදුලි බිල අඩු කළ බවත්, දැන් විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත්ය. ඔහු පෙන්වා දෙන්නේ, ජනතාව මිල අඩු වන විට එයට හුරු විය යුතු සේම, මිල වැඩි වන විටද එයට පුරුදු විය යුතු බවයි.

අමාත්‍ය ලාල්කාන්ත මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින ගැටලුවක්ද පෙන්වා දුන්නා. එනම්, විදුලි ගාස්තු අඩු කළ විට පෙනී සිටින දේශපාලඥයන්, ගාස්තු වැඩි කළ විට සැඟවීමට උත්සාහ කිරීමයි. මෙම ක්‍රියාවන් දෙකම අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කළා.

නැවතත් විදුලි ගාස්තු අඩුවන හෝ වැඩිවන අවස්ථාවක් පැමිණිය හැකි බවත්, එම තත්ත්වයන් දෙකම දරාගෙන ඉදිරියට යා යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙම ප්‍රකාශයත් සමග විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාව අතර විවිධ අදහස් හුවමාරු වෙමින් පවතිනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්