සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

විදුලි ගාස්තු ඉහළ යාම ස්වභාවිකයි – අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත

විදුලිය ඇතුළු ඕනෑම භාණ්ඩයක පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල වෙනස් වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා

මිතුරන් සමග බෙදාගන්න

විදුලිය ඇතුළු ඕනෑම භාණ්ඩයක පිරිවැයක් ඇති බවත්, එම පිරිවැය අනුව මිල වෙනස් වන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු විදුලි බිල අඩු කළ බවත්, දැන් විදුලි ගාස්තු වැඩි කිරීමට සිදුව ඇති බවත්ය. ඔහු පෙන්වා දෙන්නේ, ජනතාව මිල අඩු වන විට එයට හුරු විය යුතු සේම, මිල වැඩි වන විටද එයට පුරුදු විය යුතු බවයි.

අමාත්‍ය ලාල්කාන්ත මෙරට දේශපාලන සංස්කෘතියේ පවතින ගැටලුවක්ද පෙන්වා දුන්නා. එනම්, විදුලි ගාස්තු අඩු කළ විට පෙනී සිටින දේශපාලඥයන්, ගාස්තු වැඩි කළ විට සැඟවීමට උත්සාහ කිරීමයි. මෙම ක්‍රියාවන් දෙකම අනුමත කළ නොහැකි බව ඔහු අවධාරණය කළා.

නැවතත් විදුලි ගාස්තු අඩුවන හෝ වැඩිවන අවස්ථාවක් පැමිණිය හැකි බවත්, එම තත්ත්වයන් දෙකම දරාගෙන ඉදිරියට යා යුතු බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. මෙම ප්‍රකාශයත් සමග විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාව අතර විවිධ අදහස් හුවමාරු වෙමින් පවතිනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්