සිරස්තල
තෙල් හිඟයක් නෑ – බලශක්ති අමාත්‍යාංශය ජනතාවට සහතික වෙයි ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ඉහළම හමුදා අණදෙන නිලධාරී අලි ෂඩ්මානි ඝාතනය කෙරේ ප්‍රංශය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් තබයි මෙරට ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි දිනුම ජයග්‍රහණය කරයි මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය අද ආරම්භ වෙයි ඉන්දියාව වසර 11කින් මිලියන 269ක් අන්ත දුගීභාවයෙන් මුදවා ගනී ඉරාන බුද්ධි ප්‍රධානියා ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරුට දිස්ත්‍රික්ක 7කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට අලුත් මුහුණු 6ක් සමග ශ්‍රී ලංකා සංචිතය නම් කරයි උතුරු ඉන්දියාවේ හෙළිකොප්ටර් අනතුරක්: පුද්ගලයන් 7 දෙනෙකු මරුට

විදුලි ගාස්තු සංශෝධනය ගැන විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය මඟින් ගාස්තු වැඩි වුවද, එය මේ වසර මුල පැවති ගාස්තුවට වඩා අඩු අගයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 2014

මිතුරන් සමග බෙදාගන්න

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනය මඟින් ගාස්තු වැඩි වුවද, එය මේ වසර මුල පැවති ගාස්තුවට වඩා අඩු අගයක් ගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

2014 සිට 2022 දක්වා විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය හා බෙදාහැරීම සඳහා වැය වූ මුදල ඉහළ ගිය නමුත්, එම කාලය තුළ විදුලි ගාස්තු වෙනස් නොකළ බව මණ්ඩලය පෙන්වා දෙයි. ඉන්ධන, ගල් අඟුරු, අමතර කොටස් සහ නඩත්තු වියදම් ද එම කාලය තුළ අඛණ්ඩව වැඩි විය.

මෙම වැඩි වූ පිරිවැය සම්පූර්ණයෙන්ම මණ්ඩලය දැරීම නිසා විශාල වශයෙන් ණය ගැනීමටත්, සැපයුම්කරුවන්ට ගෙවීම් ප්‍රමාද කිරීමටත් සිදු වූ අතර එය දැනට ණය අර්බුදයක් දක්වා වර්ධනය වී ඇත.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයේ අරමුණ වන්නේ අත්‍යවශ්‍ය වියදම් ක්‍රමයෙන් පියවා ගැනීම, ණය අර්බුදය කළමනාකරණය කිරීම සහ සැපයුම්කරුවන්ට නියමිත වේලාවට මුදල් ගෙවීමයි.

අනාගත බලශක්ති සුරක්ෂිතතාවයට හානි නොකර, සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂිත, විශ්වාසදායක සහ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම මෙහි මූලික ඉලක්කය බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.

අදාළ නිවේදනය පහත දැක්වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්