සිරස්තල
කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී බස් ගාස්තු 2%කින් අඩු කිරීමට රජයෙන් යෝජනාවක් – බස් සංගම්වලින් විරෝධය හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ මියගිය රෝගීන්ට මොළයේ සැත්කම් කළ විශේෂඥ වෛද්‍යවරියක් ගැන හෙළිදරව්වක් රටේ තෙල් හිඟයක් නෑ – ඛනිජ තෙල් සංස්ථාවෙන් ජනතාවට සහතිකයක් “ඊශ්‍රායල ආක්‍රමණශීලීත්වයට දඬුවම් දීම අවසන් මොහොත දක්වාම සිදුවුණා” – ඉරානයෙන් ප්‍රකාශයක් කටාර් රාජ්‍යයේ ඇමරිකානු කදවුරකට ඉරානයෙන් ප්‍රහාර

විදේශගත ශ්‍රමිකයන්ගේ එවන මුදල් 16.3%කින් වැඩිවෙලා

පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර්

මිතුරන් සමග බෙදාගන්න

පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1 කි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ 2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7 ක් බවය .

පසුගිය වසර හා සැසඳීමේදී එය 16.3% වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ සඳහන් වන බවය.

මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර් තාවට අනුව මෙම වසරේ පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121 වේ.

එමෙන්ම 2024 වසරේදී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 6.6 ක් වූ අතර මේ වර්ෂයේ දී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියා සිටියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්