සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

විදේශ ත්‍රස්තවාදීන්ට එරෙහිව දැඩි නීති ගෙන ඒමට කැබිනට් අනුමැතිය

විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මෙය, ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව දරන ජාත්‍යන්තර කැපවීම

මිතුරන් සමග බෙදාගන්න

විදේශ ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා ඵලදායී නීතිමය රාමුවක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා. මෙය, ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාව දරන ජාත්‍යන්තර කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමකි.

ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා – පැසිෆික් කලාපයේ (APG) සාමාජිකයකු වන අතර, මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සකස් කරන ලද මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ව්‍යාප්ත මූල්‍යකරණයට එරෙහි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සහ බලාත්මක කිරීමට බැඳී සිටී.

FATF හි සාමාජිකත්ව නීති වලට අනුකූලව, FATF ප්‍රමිතීන්ට අනුකූල වීමේ මට්ටම තීරණය කිරීම සඳහා සෑම වසර 6 කට වරක් “අන්‍යෝන්‍ය ඇගයීම්” නමින් හැඳින්වෙන සම සමාලෝචන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යටත් වේ. ශ්‍රී ලංකාවට අදාළ 3වන ඇගයීම සඳහා සකස් කර ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට සහ දේශීය නීති සම්පාදනය මගින් එම යෝජනාවේ විධි විධාන බලාත්මක කිරීමට කටයුතු කළ යුතු වේ.

ඒ අනුව, 2026 මාර්තු මාසයට පෙර විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් පිළිබඳ නීති සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටී.

එබැවින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 2178(2014) පදනම් කරගෙන විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්