සිරස්තල
“ඒහිපස්සිකෝ” සාමයේ පණිවිඩය ලොවට රැගෙන ගිය භික්ෂූන් වහන්සේලා දිවයිනෙන් පිටව යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව අද යළි කැඳවයි දකුණු ලෙබනනයේ සූර්ය පැනල විනාශ කිරීම ගැන ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින අමෙරිකාවට සටන් විරාමය අතරතුර ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක් සහල් සහ ජලය වැඩි මිලට විකුණූ වෙළෙඳුන් කොටු වෙයි වාද්දූවේදී සාගරිකා දුම්රිය පීලි පනී ත්‍රස්තවාදයට මුදල් සැපයීම අඩාල කිරීමට දැඩි මූල්‍ය සම්බාධක: ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි “ඒහිපස්සිකෝ” සාමයේ පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක්

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි (Sheikh Tamim bin

මිතුරන් සමග බෙදාගන්න

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් ෂෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි (Sheikh Tamim bin Hamad Al Thani) මහතා අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී නායකයන් දෙපළ දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී කටාර් රාජ්‍යය වෙත ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය පළ කිරීමට ජනාධිපතිවරයා පියවර ගත් අතර, ඊට ප්‍රතිචාර දක්වමින් කටාර් එමීර්වරයා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් කරුණු දෙකක් සම්බන්ධයෙන් සහතික වී තිබේ.

පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය උපරිමයෙන් කැපවී සිටින බව එමීර්වරයා මෙහිදී අවධාරණය කර ඇත. මෙරට බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේදී මෙම සහතිකය ඉතා තීරණාත්මක වනු ඇතැයි විශ්ලේෂකයෝ පවසති.

එමෙන්ම, දැනට කටාර් රාජ්‍යයේ සේවය කරන සහ පදිංචිව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාධනය මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද එමීර්වරයා ජනාධිපතිවරයා වෙත පූර්ණ විශ්වාසය පළ කර තිබේ.

කලාපීය අස්ථාවරත්වය හමුවේ වුවද දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට නායකයන් දෙපළ මෙහිදී එකඟතාවකට පැමිණ ඇත.

වෙනත් පුවත්

උණුසුම් පුවත්