සිරස්තල
බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි ලෝක කුසලාන පාපන්දු තරග මෙක්සිකෝවට මාරු කරන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් මෙරට පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ මේ දින දක්වායි සෑම බදාදා දිනකම විශේෂ රජයේ නිවාඩුවක් උපකාරක පන්ති සහ උත්සව තහනම් කාබුල් පුනරුත්ථාපන රෝහලකට ගුවන් ප්‍රහාරයක්, 400ක් මරුට “ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ලේ වෙනුවෙන් පළිගන්නවා” – ඉරාන නාවික හමුදාපතිගෙන් මාරාන්තික අනතුරු ඇඟවීමක් හෝමුස් සමුද්‍ර සන්ධියෙන් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විදේශ අමාත්‍යාංශය මෙවර අලුත් අවුරුද්දට පොදු නැකැත් සීට්ටුවක් 2026 ඔස්කාර් සම්මාන උළෙල: හොඳම නළුවා මයිකල් බී. ජෝර්ඩන් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් තාවකාලිකව නවතී

ශ්‍රී ලංකාවට අයිති කච්චතිවු දූපත ඉන්දියාවට පවරා ගන්නා ලෙස නළු විජේයිගේ කියයි

2026 වසරේදී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මහ මැතිවරණය ඉලක්ක කරගෙන දකුණු ඉන්දීය සුපිරි නළු විජේයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කච්චතිව් දූපත පවරා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

මිතුරන් සමග බෙදාගන්න

2026 වසරේදී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මහ මැතිවරණය ඉලක්ක කරගෙන දකුණු ඉන්දීය සුපිරි නළු විජේයි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් කච්චතිව් දූපත පවරා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඔහුගේ නව දේශපාලන පක්ෂය වන TVK හි දෙවැනි රැලිය තමිල් නාඩුවේ මදුරෙයි හිදී ඊයේ (අගෝස්තු 22) පැවති අතර, එහිදී ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “තමිල්නාඩු ධීවරයින් 800ක් සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ නාවික හමුදාව විසින් ඔවුන් භාරයට ගෙන තියෙනවා. අපි ඒක හෙළා දකිනවා. අපේ ධීවර ජනතාවට ආරක්ෂිතව ජීවත් වෙන්න නම්, කච්චතිව් දූපත විතරක් අපිට ලබාදෙන්න. ඒක අපිට ඇති” යනුවෙන් විජේයි මහතා සඳහන් කළ බවයි.

කච්චතිව් දූපත මෙරටට අයත් දූපත් සමූහයට අයත් වන අතර, ශ්‍රී ලංකාවට වඩාත් දුරින් පිහිටි දූපත වන්නේද මෙයයි. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම් නගරයට වඩාත් ආසන්නව පිහිටා තිබීම මෙම දූපත පිළිබඳ මතභේද ඇතිවීමට එක් ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ඉතිහාසය පෙන්වා දෙන ආකාරයට, කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වූයේ 1974 ජූනි 26 වැනි දින මෙරට අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සහ එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය අතර අත්සන් කරන ලද ගිවිසුමක් මගින්. එම ගිවිසුමේ පැහැදිලිව සඳහන් වූයේ කච්චතිව් ඉන්දියාවේ කොටසක් නොවන බවත්, එය ශ්‍රී ලංකාවේ කොටසක් බවත්ය. 1976දී අත්සන් කළ තවත් සමුද්‍ර සීමා ගිවිසුමකින් මෙම අයිතිය සහ ඒ අවට මුහුදු සීමාවේ මත්ස්‍ය සම්පත ශ්‍රී ලංකාවට හිමි බව තහවුරු කෙරුණා.

මේ අනුව, මැතිවරණයක් ඉලක්ක කරගෙන කච්චතිව් දූපත පිළිබඳව නැගෙන මෙම මතභේදය, ජාත්‍යන්තර ගිවිසුම් මගින් තහවුරු කර ඇති ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝගයක් විය හැකිය.

වෙනත් පුවත්

උණුසුම් පුවත්