සිරස්තල
Miss Teen Tourism තරගයට අංජානා හීනටිගල පිලිපීනය බලා පිටත්ව යයි බොරැල්ල මාරක අනතුර: දොඹකර රියදුරු මත්ද්‍රව්‍ය පානය කරලා BYD වාහන ලෝලීන්ට සුබ පණිවිඩයක් දින දෙකක ගැටුම්වලින් පසු කාම්බෝජයෙන් තායිලන්තයට සටන් විරාම ඉල්ලීමක් ගැබිනි මුවදෙන ඝාතනය කළ තවත් සැකකරුවෙක් බලපත්‍ර රහිත ගිනි අවි 3ක් සමඟින් අත්අඩංගුවට කොරියාවේදී ශ්‍රී ලාංකික සේවකයෙකු අමානුෂික හිංසනයකට ලක් වෙයි අනුරාධපුර ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයක අසභ්‍ය වචන රිතික් රෝෂන් “සිටි ඔෆ් ඩ්‍රීම්ස්” කැසිනෝ ශාලාව විවෘත කිරීමට ලංකාවට “වන අලි ඝාතන රැලි දෙකක් ක්‍රියාත්මකයි – මේ දෙවන රැල්ල” – පරිසර ඇමති පාර්ලිමේන්තුවේදී කියයි සීගිරියෙන් අලි තිදෙනෙකුගේ මළ සිරුරු කොටස් හමු වෙයි; තවත් ඇතෙක් ගල්ගමුවෙන්

ශ්‍රී ලංකාවේ සමරිසි අයිතිවාසිකම් යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානයට

ජුනි 18 වන දින යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරයෙක් වන ජර්මානු ජාතික ලූකා සෙපියර් මහතා, ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරී කෞෂාල් රණසිංහ මහතා සමඟ පැවති සමාජ මාධ්‍ය

මිතුරන් සමග බෙදාගන්න

ජුනි 18 වන දින යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතවරයෙක් වන ජර්මානු ජාතික ලූකා සෙපියර් මහතා, ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරී කෞෂාල් රණසිංහ මහතා සමඟ පැවති සමාජ මාධ්‍ය සංවාදයකදී, යුරෝපා පාර්ලිමේන්තුවේ අවධානය ශ්‍රී ලංකාවේ LGBTQ+ ප්‍රජාවට එරෙහිව පවතින නීති කෙරෙහි යොමු වී ඇති බව සඳහන් කළා.

ඔහු තවදුරටත් කියා සිටියේ, 2022 දී දූෂණ, වංචා සහ පවුල් පාලනයට එරෙහිව ශ්‍රී ලංකා ජනතාවගේ නැගී සිටීම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් වූ බවත්, වර්තමානයේ දේශපාලන යාන්ත්‍රණය පිළිබඳව ඔවුන්ගේ බලාපොරොත්තු පවතින බවත්ය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සමරිසි ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රගතිශීලී තීන්දුවක් ලබා දෙමින්, දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය (සමලිංගික සබඳතා අපරාධයක් ලෙස සලකන වගන්තිය) ඉවත් කිරීමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීමද මෙහිදී සෙපියර් මහතාගේ අවධානයට ලක්විය.

සෙපියර් මහතා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත් කිරීමට පොරොන්දු දීම අගය කළා. එමෙන්ම, එම පොරොන්දු ක්‍රියාත්මක වේදැයි ජාත්‍යන්තරය වශයෙන් බලා සිටින බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවට මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමි විය හැකි බවත් ඔහු සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ, ශ්‍රී ලංකාවට සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති යටත්විජිත සමයේදී යුරෝපා ජාතිකයන් විසින් පැනවීම සම්බන්ධව සිය සමාව අයදින බවයි.

මෙම සංවාදය, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, විශේෂයෙන්ම LGBTQ+ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවතින උනන්දුව සහ අපේක්ෂාවන් මනාව පෙන්නුම් කරයි.

(මූලාශ්‍රය: ශ්‍රී ලංකා මානව හිමිකම් ක්‍රියාකාරී නීතිඥ කෞෂාල් රණසිංහ)

වෙනත් පුවත්

උණුසුම් පුවත්