සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

සිඟමනේ යෙදෙන දරුවන් බේරා ගැනීමට විශේෂ මෙහෙයුමක්

සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා

මිතුරන් සමග බෙදාගන්න

සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය, ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පෙරේදා (ජූනි 19) ආරම්භ වූ මෙම මෙහෙයුම, රට පුරා ප්‍රධාන පොලිස් කොට්ඨාස ගණනාවක් ආවරණය කරමින් සිදු කෙරුණා. කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැළණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල සහ මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශ, වෙළඳසැල්, සාප්පු සංකීර්ණ සහ සංඥා පහන් අසල ස්ථාන මෙම මෙහෙයුමට ඇතුළත් වුණා.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශවල නිලධාරීන් විශේෂයෙන් යොදවා මෙම මෙහෙයුම් සිදුකර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවසුණු බාල වයස්කරුවන් 21 දෙනෙකු භාරයට ගෙන ඇති අතර, ඔවුන්ව සුදුසු භාරකාරීත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත. ළමා අපයෝජන සහ අවදානම් තත්ත්වයන් අවම කිරීම සඳහා මෙවැනි මෙහෙයුම් අතිශයින් වැදගත් බව පොලිසිය අවධාරණය කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්