සිරස්තල
බොලිවුඩ් කිං ෂාරුක් ඛාන් City of Dreams Sri Lanka විවෘත කිරීමට ලංකාවට දලයි ලාමාගේ 90 වැනි උපන්දිනයට පෙර අනුප්‍රාප්තිකයා පිළිබඳ ඉඟි? චීනය කෝපයට ඉන්දු-ඇමරිකා වෙළඳ ගිවිසුම ජූලි 8 වනදා ප්‍රකාශයට පත්වීමට නියමිතයි ඉන්ධන මිල සංශෝධනය වුවත් බස් ගාස්තු වෙනස් නැහැ බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසති නව හැවිරිදි දියණිය පොරවකින් කපා කොටා ඝාතනය කළ පියා අත්අඩංගුවට අද සිට බස් රියදුරන්ට ආසන පටි අනිවාර්යයි – නීතිය නොතකන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග කෝටි 3කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී සුඛෝපභෝගී වාහන දෙකක් පොලිස් භාරයට වෛද්‍ය සංජීව යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකත්වයට ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන Miss Teen Sri Lanka අවසන් තරගය අදයි හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

සිරි දළදා වඳින බැතිමතුන් සඳහා සෞඛ්‍ය උපදෙස්

සිරි දළදා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් වන්දනා ගමනේදී ඇතිවිය

මිතුරන් සමග බෙදාගන්න

සිරි දළදා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීමෙන් වන්දනා ගමනේදී ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බව එම කාර්යාංශය අවධාරණය කරයි.

බැතිමතුන් සඳහා සෞඛ්‍ය උපදෙස්:

  • විජලනය වළක්වා ගැනීම සඳහා නිතර ජලය පානය කරන්න.
  • නිවසේ සිට රැගෙන ආ ආහාර ඉක්මනින් පරිභෝජනය කරන්න. සැක සහිත ආහාර ගැනීමෙන් වළකින්න.
  • නිතිපතා ඖෂධ ගන්නා අය නියමිත වේලාවට ඒවා ලබාගන්න. ප්‍රමාණවත් ඖෂධ තොගයක් රැගෙන යන්න.
  • පවතින රෝගී තත්ත්වයන් පිළිබඳ වාර්තාවක් හෝ සායන කාඩ්පතේ පිටපතක් ළඟ තබා ගන්න.
  • දරුවන් සමඟ පැමිණෙන අය ඔවුන්ගේ ඇඳුමේ හෝ සාක්කුවේ දුරකථන අංකය සඳහන් කරන්න.
  • පෝලිම්වලදී නොසන්සුන් නොවී ඉවසීමෙන් සිටින්න.
  • අවශ්‍ය දෑ පමණක් රැගෙන ගොස් කැළි කසළ අවම කිරීමට සහයෝගය දෙන්න. කසළ නිසි බඳුන්වලට දමන්න.
  • සෞඛ්‍ය ගැටලුවක් ඇති වූ විට පෝලිමේ සිටින නිලධාරීන්ගෙන් හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් වහාම සහාය ලබාගන්න.
  • දුම්රියේ ගමන් කරන විට පාපුවරුවල හෝ ජනෙල්වල එල්ලීමෙන් වළකින්න. බිම් ගෙවල් තුළින් ගමන් කිරීමේදී අනතුරු සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න.
  • වාහන පදවන විට නියමිත වේග සීමාවන් අනුගමනය කරමින් අවධානයෙන් රිය පදවන්න.
  • පුද්ගලික සනීපාරක්ෂාව සඳහා සබන් හෝ දියර සනීපකාරකයක් රැගෙන යන්න.
  • මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමට මදුරු විකර්ෂක භාවිතා කරන්න.

අද (22) සිරි දළදා වන්දනාවේ 5 වන දිනයයි. පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා බැතිමතුන්ට දළදා වන්දනා කිරීම සඳහා අවස්ථාව හිමිවේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්