සිරස්තල
සූකර ගොවීන්ට අලුත් රක්ෂණයක් “බලශක්ති මධ්‍යස්ථාන සහමුලින්ම විනාශ කරනවා” – ඉරානයෙන් අමෙරිකාවට සහ ඊශ්‍රායලයට දරුණු අනතුරු ඇඟවීමක් ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට කටාර් එමීර්වරයාගෙන් සහතිකයක් පරණ QR එක අලුත් කරගන්න අද (19) සිට නව පහසුකමක්, වෙනත් අංකවලට ලියාපදිංචි කළ වාහනවලට විසඳුම් ඉන්ධන නිකුත් කිරීමේදී අද (19) සිට ‘ඔත්තේ-ඉරට්ටේ’ ක්‍රමය ක්‍රියාත්මකයි අවසරයකින් තොරව ඩ්‍රෝන පියාසර කිරීම තහනම් දුම්රිය ගමන් වාර සීමා වෙයි – බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට, මැදපෙරදිග සැපයුම් ජාලය යළි සක්‍රිය වෙයි බදාදා නිවාඩුවට හේතුව මෙන්න, පොදු ප්‍රවාහනයත් සීමා වෙයි

සේදූ බිත්තර ගබඩා කිරීමෙන් සෞඛ්‍ය අවදානම ඇති කරයි

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබා ගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර

මිතුරන් සමග බෙදාගන්න

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබා ගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තරය තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පුලින රණසිංහ මහතා, “බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්” යනුවෙන් පැහැදිලි කළා.

බිත්තරය තුළ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමට සුදුසු ප්‍රෝටීන් බහුල මාධ්‍යයක් පවතින බැවින්, ඒවා ඇතුළු වුවහොත් කඩිනමින් වර්ධනය වී විෂ සහිත තත්ත්වයන් ඇති වීමට ඉඩ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. “ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න බෑ. බිත්තර පාවිච් කරන අවස්ථාවේ සේදා ගන්න එක නෙමෙයි මේ කියන්නේ.”

පිරිසිදු කර ඇසුරුම් කළ බිත්තර වෙළෙඳපොළේ නොමැති බවට තමන් විශ්වාස කරන බවත්, බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියේදීම කුණු, දූවිලි, අසූචි තැවරීම සීමා කර හොඳ තත්ත්ව කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කර නිෂ්පාදනය කරන බිත්තර ඇති බවත් රණසිංහ මහතා පැවසුවා.

ලෝකයේ සාමාන්‍යයෙන් බිත්තර ඇසුරුම් කරන විට පිරිසිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් පිස දැමීමෙන් මිස සේදීමෙන් නොවන බවද ඔහු පෙන්වා දුන්නා.

එබැවින්, පාරිභෝගිකයන් බිත්තර භාවිත කිරීමට පෙර සේදීමට වඩා, භාවිතයට පෙර ක්ෂණිකව සෝදා ගැනීම හෝ පිරිසිදු බිත්තර තෝරා ගැනීම වැදගත් බව මෙම ප්‍රකාශයෙන් අවධාරණය වේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්