සිරස්තල
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිගේ මව මියයයි Air India ගුවන් අනතුරට හේතුව එන්ජින් ඉන්ධන සැපයුම කපා හැරීම බව මූලික වාර්තාවක් කියයි. එරික් මේයර් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපති ධුරයට යෝජනා වෙයි මස්ක්ගේ දේශපාලනය ටෙස්ලාට ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමාන මුදලක් අහිමි කරයි ෂී ජින්පිං කොහේද? චීනයේ තිරය පිටුපස ඇති බල අරගලය කුසල්-පැතුම් පිතිහරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක් YouTube වෙතින් ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීමක් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය ගැන පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට අනාවරණයක් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ‘කෙහෙල්බද්දර පද්මේ’ අත්අඩංගුවට පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් 10ක් මරුට

හන්තාන කන්දේ අතරමං වූ සිසුන් 8 දෙනෙකු මුදා ගනී

මහනුවර, හන්තාන කන්ද තරණය කිරීමට ගිය සිසුන් පිරිසක් අතරින් 8 දෙනෙකු අතරමං වී සිටියදී, ආරක්ෂක අංශ විසින් අද (ජූනි 29) අලුයම් කාලයේදී ඔවුන්ව සාර්ථකව මුදාගෙන

මිතුරන් සමග බෙදාගන්න

මහනුවර, හන්තාන කන්ද තරණය කිරීමට ගිය සිසුන් පිරිසක් අතරින් 8 දෙනෙකු අතරමං වී සිටියදී, ආරක්ෂක අංශ විසින් අද (ජූනි 29) අලුයම් කාලයේදී ඔවුන්ව සාර්ථකව මුදාගෙන තිබෙනවා.

ඊයේ (ජූනි 28) හන්තාන කන්ද තරණය කළ මෙම සිසුන් පිරිස යළි කන්දෙන් බසින අවස්ථාවේදී හදිසියේ වර්ෂාව පතිත වී ඇත. එම අවස්ථාවේදී කණ්ඩායමේ සිටි සිසුන් 8 දෙනෙකුට මාර්ගය වැරදී කන්දේ අතරමං වී ඇති බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමේ සිටි අනෙකුත් සිසුන් විසින් අතරමං වූ සිසුන්ගේ මව්පියන්ට මේ පිළිබඳව දැනුම් දී ඇති අතර, පසුව එම මව්පියන් සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා දැනුවත් කර තිබෙනවා. මන්ත්‍රීවරයා වහාම ක්‍රියාත්මක වී අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

පසුව, තලාතුඔය පොලීසියේ නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් එක්ව ඊයේ (ජූනි 28) රාත්‍රියේම හන්තාන කන්දේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මෙම මෙහෙයුම්වල දී අද අලුයම 2:00ට පමණ මෙම සිසුන් පිරිස සිටින ස්ථානය සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වූ අතර, අලුයම 4:00ට පමණ ඔවුන්ව ආරක්ෂිතව කන්දෙන් පහළට රැගෙන ඒමට හැකි වී ඇත.

මුදාගත් සිසුන් 8 දෙනා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පසුව කටයුතු කර ඇත. මෙලෙස හන්තාන කන්දේ අතරමංව ඇත්තේ තලාතුඔය, රටේමුල්ලේ ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක් බවයි වාර්තා වන්නේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්