සිරස්තල
අවුරුදු නිවාඩුව නිමා වී ආපසු එන ජනතාවට දුම්රියෙන් විශේෂ සහනයක්: අමතර ගමන්වාර රැසක් ගල්අඟුරු ජාවාරම් සෙවීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක් ඉන්දීය උප ජනාධිපති දෙදින නිල සංචාරයකට ලංකාවට එයි මැදපෙරදිග අර්බුදයෙන් පසු පළමු බොරතෙල් නෞකාව අද දිවයිනට රුපියල් කෝටි 400ක හෙරොයින් නාවික හමුදා දැලට ප්‍රමිතියෙන් තොර අංක තහඩු ඇති වාහන අත්අඩංගුවට: රුපියල් 25,000 දක්වා දඩයක් දේශපාලනය කුමක් වුවත් ඉරානය ලෝක කුසලානයට එන්නම ඕනේ අවුරුදු සමයේ වෙළෙඳ වැටලීම් තද වෙයි: අහිතකර ආහාර විකුණූ වෙළෙඳුන් 400කට නඩු හෝමුස් සමුද්‍ර සන්ධියේ අමෙරිකානු අවහිරය දැඩි වෙයි අවුරුදු උළෙල ලේ විලක් වෙයි: දින දෙකකදී මාරක රිය අනතුරු 36ක් සහ ගැටුම් 35ක්

හරක් කටා ඝාතනයට සැලසුම් කළ වෙඩික්කරුවෙක් මාධ්‍යවේෂයෙන් අත්අඩංගුවට

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (සැප්තැම්බර් 02)

මිතුරන් සමග බෙදාගන්න

අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා අධිකරණ පරිශ්‍රයකදී ඝාතනය කිරීම සඳහා මාධ්‍යවේදියෙකු ලෙස වෙස්වලාගෙන සිටි වෙඩික්කරුවෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අද (සැප්තැම්බර් 02) මහරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කරන්නේ, මෙම ඝාතන සැලසුම සිදු කර ඇත්තේ තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ වුවමනාව මත බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී පුළුස්සා දමන ලද වීඩියෝ කැමරාවක් සහ ගිනි අවියක් ද සොයාගෙන තිබෙනවා. මෙම සිදුවීම, අපරාධකරුවන් අධිකරණ පරිශ්‍ර පවා ඉලක්ක කර ගනිමින් සිදුකරන ක්‍රියාකාරකම්වල භයානක ස්වභාවය පෙන්නුම් කරනවා.

අපරාධකරුවන් මෙලෙස පොදු ස්ථානවල අපරාධ සිදුකිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්