සිරස්තල
සමන් කොල්ලා’ගේ කුඩු බෙදූ 15ක සිසුවා හෙරොයින් සමඟ කොටු වෙයි ලෝක ශූර නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 5ක ඓතිහාසික ජයක් පොලිස් සේවාවන් ගැන අදහස් සහ පැමිණිලි සෘජුවම දැනුම් දීමට නව QR කේත පද්ධතියක් කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික්ක 5ක් ඩෙංගු දැඩි අවදානමක ප්‍රධාන ට්‍රාන්ස්ෆෝමරය නිවා දමා ඇලහැර විහාරස්ථානයක සිදුවූ මහා මංකොල්ලය ප්‍රදේශ රැසකට හෙට (16) සිට පැය 19ක ජල කප්පාදුවක් ස්ත්‍රී දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වූ නෝර්වේ කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිර දඬුවමක් සුරේෂ් සලේට සහනයක් ඉල්ලා අස්ගිරි මහ නාහිමියන්ගෙන් ජනපතිට ලිපියක් ඇඟලුම් ආදායම සියයට 7.3කින් පහළට හොරණ, මූණගම හන්දියේදී යතුරුපැදියකට බිලිවූ පදිකයා

හීත්‍රෝ වසා දැමීමෙන් ශ්‍රී ලංකන් ගුවන් ගමන්වලට බලපෑම්

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කර තිබෙනවා ඒ අනුව අද පැය

මිතුරන් සමග බෙදාගන්න

එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළ හදිසියේ වසාදැමීමට සිදුවීමෙන් අද (21) දිනයට සිදුකිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන්වාර 2ක්ද අවලංගු කර තිබෙනවා

ඒ අනුව අද පැය 12:50ට පිටත් වීමට නියමිතව තිබූ UL 503 (කොළඹ සිට ලන්ඩන් දක්වා) සහ පැය 20:40 ට පිටත් වීමට නියමිතව තිබූ UL 504 (ලන්ඩන් සිට කොළඹ දක්වා) ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටියේ.

එහිදී ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කර සිටියේ බලපෑමට ලක් වූ මගීන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවත් හීත්‍රෝ ගුවන්තොටුපොළෙහි ඇති වී තිබෙන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.

එමෙන්ම හීත්‍රෝ ගුවන්තොටුපොළ නැවත විවෘත කළ වහාම ලන්ඩනයට ගුවන් ගමන් නැවත ආරම්භ කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

වෙනත් පුවත්

උණුසුම් පුවත්