හෙල්මටයකි ප්‍රහාරයකින් තරුණයෙක් ඝාතනය කෙරේ

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂක හිස්වැසුමකින් එල්ල වූ පහරදීමකින් තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. වාර්තා වන අන්දමට, පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක්

මිතුරන් සමග බෙදාගන්න

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂක හිස්වැසුමකින් එල්ල වූ පහරදීමකින් තරුණයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

වාර්තා වන අන්දමට, පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම මාරාන්තික ප්‍රහාරය සිදුව තිබෙනවා.

ප්‍රහාරයට ලක්වූ 30 හැවිරිදි මෙම තරුණයා බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධියෙන් පසු ඔහු හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කිරීමෙන් පසු නැවතත් හොරණ රෝහලට මාරු කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇත.

පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්